31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅඟහරු වෙත යාමට සැරසෙන අපේ පියුමි

අඟහරු වෙත යාමට සැරසෙන අපේ පියුමි

අඟහරු ග්‍රහයාගේ ගවේෂණ කටයුතු සඳහා නාසා ආයතනය ප්‍රමුඛ කණ්ඩායමක පෙර පුහුණුව සඳහා ශ්‍රී ලංකාවේ පියුමි විජේසේකර තෝරාගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හූස්ටන් හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති අඟහරුගේ මූලාකෘතියක මෙම පුහුණුවීම් සිදුකරන බවයි.

නාසා ආයතනය විසින් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළුව හතර දෙනෙකුගෙන් යුත් නව කණ්ඩායම පත් කරගෙන තිබෙනවා.

මේ අනුව Jason Lee, Stephanie Navarro, Sharif Al Romaidi සහ පියුමි විජේසේකර මෙම මූලාකෘතියට මැයි 10 වැනිදා ඇතුළු වීමට නියමිතයි.

ඔවුන් එහි ඇතුළට ගිය පසු දින 45ක් ගගනගාමීන් ලෙස වැඩ කරනු ඇති.

ඔවුන් නැවත ජුනි 24 වැනිදා මෙම මූලාකෘතියෙන් පිටතට ඒමට නියමිතයි.