27.8 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑළුවන් සොරාගත් තිදෙනෙක් අත්අඩංගුවට

එළුවන් සොරාගත් තිදෙනෙක් අත්අඩංගුවට

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මල්ලේතීව් ප්‍රදේශයේදී එළු රංචුවක් රැකබලා ගත් පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී එළුවන් 35 දෙනෙකු සොරාගත් පුද්ගලයෙකු හා සොරාගත් එළුවන් සඟවාගෙන සිටි දෙදෙනෙකු ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ පසුගිය 16 වැනිදා රාත්‍රියේ එළු රංචුවක් රැකබලාගත් පුද්ගලයින් දෙදෙනෙකුට පහරදී එළුවන් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදී මොවුන් අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

පහරකෑමට ලක්වූ එළුවන් රැක බලාගත් පුද්ගලයින් දෙදෙනා පුදුකුඩිඉරිප්පු රෝහල වෙත ඇතුළත් කොට තිබෙනවා.

සොරකමට සම්බන්ධ මුලතිව්, වට්ටාපලෙයි ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු හා සොරාගත් එළුවන් සිය නිවෙස්වල සඟවාගෙන සිටි කාන්තාවක් හා තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් විසින් සොරාගත් එළුවන් 15 දෙනෙකුද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.