28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහා රෑ අනියම් බිරිඳ සොයා ගිය අයෙක් ජීවිතක්ෂයට

මහා රෑ අනියම් බිරිඳ සොයා ගිය අයෙක් ජීවිතක්ෂයට

අනියම් බිරිඳගේ නිවසට යන බව පවසමින් රාත්‍රියේ පිටව ගිය පුද්ගලයකු ඒ අසළ නිවසක මිදුලේ වැටී මිය ගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

අත්තනගල්ල පොලිසිය පැවසුවේ මෙම පුද්ගලයාගේ සිරුර ඊයේ (17) උදෑසන හමු වී ඇති බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ පිරිවෙන පාර, බෝපැත්ත, ඌරාපොල ලිපිනයේ පදිංචි ගොඩයා දේවගේ සිරිලාල් කුමාර නැමැති අවිවාහකයෙක් බවයි පොලිසිය පැවසුවේ.

මරණකරු සහ ඔහුගේ දේහය වැටී තිබූ නිවසේ පදිංචිකරු පසුගියදා (16) රාත්‍රියේ මත්පැන් පානය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

කෙසේනමුත් එදින රාත්‍රියේ අනියම් බිරිඳගේ නිවසට යන බව පවසා මොහු පිටව ගොස් ඇති අතර අනතුරුව නිවැසියා දොරවල් වසා නින්දට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු උදෑසන අවදි වී බලන විට අනියම් බිරිඳගේ නිවසට යන බව කියා ගිය මරණකරු තම මිදුලේ වැටී සිටිනු දැක ඒ බව පොලිසියට පවසා තිබෙනවා.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්තනගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.