27.2 C
Colombo
Friday, August 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහ සයුර මැද මෙලොව එළිය දුටු බිළිඳා

මහ සයුර මැද මෙලොව එළිය දුටු බිළිඳා

යාපනය, නයිනතිව් ප්‍රදේශයේදී කාන්තාවක් මුහුදේදී දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා.

නයනතිව් ප්‍රදේශයේ කාන්තාවක් ඊයේ (17) ප්‍රසව වේදනාව හේතුවෙන් නයනතිව් දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය යාපනය ශික්ෂණ රෝහලට මාරු කිරීමටයි වෛද්‍යවරයා නිර්දේශ කර ඇත්තේ.

ඇයව යාපනය ශික්ෂණ රෝහලට රැගෙන යාම සඳහා එම අවස්ථාවේ ගිලන්රථ බෝට්ටුව නොතිබූ බැවින් මගී ප්‍රවාහන බෝට්ටුවක නංවාගෙන කුරිකට්ටුවාන් වෙත රැගෙනවිත් තිබෙනවා.

කෙසේනමුත් බෝට්ටුව මුහුදේ ගමන් කරමින් සිටින අතරතුරදීඉ කාන්තාවගේ ප්‍රසව වේදනාව උත්සන්න වී ඇති අතර බෝට්ටුවේ පහළ තට්ටුවේ සිටි පිරිමින් ඉහළ තට්ටුවට යවා බෝට්ටුවේ ගමන් ගත් කාන්තාවන් ඇයට දරු ප්‍රසූතිය සිදු කිරීමට උදවු වී තිබෙනවා.

බෝට්ටුව කුරිකට්ටුවාන් ප්‍රදේශයට ළඟා වූ පසු ගිලන් රථයක් ආධාරයෙන් මව සහ බිළිඳා යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.

මව සහ බිළිඳා පරික්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔවුන් දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවයි.