24.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට කම්මැලියන්ගේ වැඩිවීමක්

මෙරට කම්මැලියන්ගේ වැඩිවීමක්

වයස අවුරුදු 18 ට වැඩි සෑම දෙනාම බෝ නොවන රෝගවලින් ආරක්ෂා වීම සඳහා සතියකට විනාඩි 150ක්වත් ව්‍යායාම කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ශෙරීන් බාලසිංහ මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ක්‍රියාශීලී නොවන පිරිස මේ වන විට 30% සිට 35% දක්වා වර්ධනය වී ඇති බවත් මේ හේතුවෙන් බෝ වෙන රෝගවලද සීග්‍ර වර්ධනයක් දක්නය ලැබෙන බවත්ය.