31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවැවිලි සංස්ථාවේ EPF, ETF ගැන දැනුම්දීමක්

වැවිලි සංස්ථාවේ EPF, ETF ගැන දැනුම්දීමක්

රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවය කරන සේවකයන්ගේ නොගෙවූ සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් (EPF/ETF) ගෙවීම පිළිබඳ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිතයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ අමතර ගාස්තු සමඟ රුපියල් කෝටි 500කට අධික මුදලක් ගෙවීමට නියමිත බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වසරේ පළමු රාජකාරිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත අවශ්‍ය උපදෙස් නිකුත් කිරීම බවයි.

වැඩකරන ජනතාවගේ නීත්‍යානුකූල අයිතීන් සුරැකිය යුතු බවත් වතු සමාගම් ප්‍රතිසංස්කරණ ආරම්භ කළ යුතු බවත් ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් සේවකයන් විසින් නඩු 2000කට අධික ප්‍රමාණයක් පවරා ඇති බවත්, නීති ගාස්තු ලෙස අදාළ සමාගම් විශාල මුදලක් වැය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.