23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිදුලිබල ප්‍රතිසංස්කරණ පනත ගැසට් කෙරේ

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත ගැසට් කෙරේ

විදුලි බල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එය ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත මීට පෙර පසුගිය දෙසැම්බර් 08 වැනිදා ගැසට් කෙරුණා. නමුත් එහි දෝෂ රැසක් පවතින බවට විරෝධතා එල්ලවීමත් සමග එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රමාද කරන බවටයි විෂය භාර අමාත්‍යවරයා සඳහන් කළේ.

සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කළේ ඒ අනුවයි.

විදුලිබලය උත්පාදනය, සම්ප්‍රේෂණය කිරීම, බෙදා හැරීම, වෙළඳාම් කිරීම, සැපයීම හා ප්‍රසම්පාදනය මෙහි පරමාර්ථය වී තිබෙනවා.

මීට අමතරව ජාතික විදුලිබල උපදේශක සභාවක් පිහිටුවීමට යෝජනා කර ඇති අතර එහි සාමාජිකයින් 07 දෙනෙකු අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබුවා.

එමෙන්ම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළව සීමා සහිත සමාගමක් සංස්ථාගත කිරීමට මෙමගින් යෝජනා වී තිබෙන අතර එම සමාගම විසින් ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සිදුකළ යුතු බවද එහි සඳහන්.

විදුලි බල කර්මාන්තයේ ව්‍යුහය මෙම පනත් කෙටුම්පතින් සමාගම් කිහිපයක් වෙත පවරා තිබෙන අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ජල විදුලි උත්පාදන වත්කම් පවරා ගැනීම සඳහා ශ්‍රි ලංකා රජය විසින් 100%ක කොටස් දරනු ලබන සමාගමක් පිහිටුවීමටද යෝජිතයි.