27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා කාන්තා පිළ වාර්තා පොත් අලුත් කරයි

ශ්‍රී ලංකා කාන්තා පිළ වාර්තා පොත් අලුත් කරයි

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ (17) පැවැත්වුණා.

එම තරගාවලියේ ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

ඒ තෙවන එක්දින තරගය කඩුලු 6කින් ජය ගනිමින්.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 301ක් ලබා ගත්තා.

අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 305ක් ලබා ගනිමින් ජය තහවුරු කර ගත්තා.

මෙය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරඟවල ඉහළම සාර්ථක ලකුණු හඹා යාම වීම විශේෂත්වයක්.

එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු හයේ පහර 5ක් සහ හතරේ පහර 26ක් ලබා ගනිමින් නොදැවී ලකුණු 195ක් ලබා ගැණීමට සමත් වුණා.

එය එක්දින ක්‍රිකට් තරගාවලියක කාන්තා ක්‍රීඩිකාවක් ලබාගත් ලොව තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි.