25 C
Colombo
Wednesday, November 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතෙවරප්පෙරුමගේ අවසන් කටයුතු අද

තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු අද (19) සිදු කිරීමට නියමිතයි.

ඔහුගේ පවුලේ ඥාතීන් සඳහන් කළේ අද පස්වරු 2.00 ට පාලිත තෙවරප්පෙරුම ජීවත්ව සිටියදී ඔහු විසින්ම සකස් කළ සුසානයේදී දේහය මිහිදන් කිරීමට නියමිත බවයි.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම පෙරේදා අභාවප්‍රාප්ත වූයේ මතුගම – යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ඉඩමක සිටියදී විදුලිසැර වැදීමෙන්.

ජීවිතක්ෂයට පත්වන විට ඔහු 64 හැවිරිදි වියේ පසු වුණා.