― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමත්ද්‍රව්‍ය ජාවාරම් කෙරූ පොලිසියේ 02ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම් කෙරූ පොලිසියේ 02ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ දොරුටියාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන ලද සැරයන්වරයෙකුයි.

මත්ද්‍රව්‍ය වෙළඳාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇති සැකකරුවෙකු විසින් සපයන ලද තොරතුරකට අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් දෙදෙනා ඊයේ (18) අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් 56 හැවිරිදි උප පොලිස් පරීක්ෂක අමිල ලසන්ත කුමාර පතිරණ කුරුණෑගල අවට ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකරන ලබන දැනට අනාවරණය වී ඇති අතර ‘ඩුබායි සම්පත්’ නැමැත්තෙකු සමඟ වට්ස්ඇප් ඔස්සේ දුරකථන සබඳතා ද පවත්වා ඇති බව අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම 38 හැවිරිදි පොලිස් සැරයන් සුනෙත් දුෂ්මන්ත දිසානායක ඕමන්තය පොලිස් ස්ථානයට අනුයුක්තව තාවකාලිකව දොරුටියාව පොලිස් ස්ථානයේ රාජකාරි කරන ලද නිළධාරියෙකු වන අතර, මොහු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු සමග සමීප සබදතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධවන බවට අනාවරණය වී තිබෙනවා.