25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක්

අද රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක්

අද (22) රාත්‍රියේදී බටහිර අහසේ උල්කාපාත වර්ෂාවක් දැකගැනීමට හැකියාව පවතින බව අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු ගිහාන් වීරසේකර පවසනවා.

මෙම උල්කාපාත වර්ෂාව නම් කර ඇත්තේ ලයිරිශ් නමින්.

අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු ගිහාන් වීරසේකර පවසන්නේ වීනාව කියන තාරකා රටාව ආශ්‍රිතව මෙම උල්කාපාත ව්‍රෂාව දැකගත හැකි බවයි.

පැයකට උල්කාපාත 20ක් පමණ දැකිය හැකි බවත් එය උපරිමයට පැමිණෙන්නේ අද රාත්‍රියේ බවත් ඔහු පවසනවා.

අද රාත්‍රියේ පූර්ණ චන්ද්‍රයා දිස්වීම හේතුවෙන් මේ සඳහා යම් ගැටලුවක් ඇතිවිය හැකි බවත් උල්කාපාත වර්ෂාව දැක්ගැනීම සඳහා හොඳම වෙලාව පාන්දර 4-5 වෙලාව බවත් ඔහු සඳහන් කළා.

මෙහි විශේෂත්වය වන්නේ කිසිඳු උපකරණයක් නැතිව පියවි ඇසෙන් බටහිර අහසේ දැකගත හැකි වීමයි.