30 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋලපනේ සුමංගල හිමි රිමාන්ඩ්

උලපනේ සුමංගල හිමි රිමාන්ඩ්

අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීමට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද (22) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී උලපනේ සුමංගල හිමියන් ඇතුළු තුන්දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියා.

එම අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර හිමියන් ඇතුළු දෙදෙනෙකු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

නාරාහේන්පිට, දාබරේ මාවතේ පිහිටි පැල්පත් නිවාස කීපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේදී ඊට පස්සේ බාධා කරමින් විරෝධය පෑ බවට සුමංගල හිමියන් ඇතුළු පිරිසට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.