26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගංජා තොගයක් සමඟ තරුණයෙක් අල්ලයි

ගංජා තොගයක් සමඟ තරුණයෙක් අල්ලයි

ඉන්දියාවේ සිට හොර රහසේ මුහුදු මාර්ගයෙන් ගෙනා කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම්කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (21) වඩුක්කෝට්ටේ පොලිස් වසමේ පාන්ඩවෙට්ටි, සුලිපුරම්, කාලි කෝවිල අසළදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී ජාවාරම් කිරීම සඳහා ඉන්දියාවේ සිට හොර රහසේ මුහුදු මාර්ගයෙන් ගෙන්වන ලද නීතිවිරෝධී කේරළ ගංජා කිලෝ 02, ග්‍රෑම් 70 ක් සන්තකයේ තබාගෙන සිටි සුලිපුරම්, නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු වඩුක්කෝට්ටේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.