― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපළාත් රැසක උෂ්ණත්වය යළි ඉහළට

පළාත් රැසක උෂ්ණත්වය යළි ඉහළට

දිවයිනේ පළාත් 07ක උණුසුම අද (22) අවදානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුර, උතුරුමැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පළාත්වල උෂ්ණත්වය මෙලෙස ඉහළ යන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තාමේන්තුව පවසන්නේ.

වියළි කාලගුණය නිසා ඇති විය හැකි විජලන තත්ත්වයෙන් මිදීම සඳහා හැකිතාක් වැඩිපුර ජලය පානය කරන ලෙසත් දිවයින පුරා ඇති සෑම පාසලකම දරුවන් එළිමහන් ක්‍රියාකාරකම්වල යොදවා නොගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම වැඩබිම් තුළ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.