23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරාජකාරි වැඩවලදී මුද්දර භාවිතය නැවතිය යුතුයි

රාජකාරි වැඩවලදී මුද්දර භාවිතය නැවතිය යුතුයි

රාජකාරීමය කටයුතුවලදී මුද්දර ගැසීමේ ක්‍රියාදාමය අහෝසි කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඊයේ (21) මහරගම ප්‍රදේශයේදී අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහන ආරම්භ කිරීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මුද්දර භාවිතය යවත්කාලීන විය යුතු බවයි.

මෙතන ඉන්න අම්මලා දන්නවා එදා අපි ලියුමක් තැපැල් කළේ කීයේ මුද්දරයක් ගහලද. අපි ඒ කාලේ තැපැල් කරේ සත දහයෙ මුද්දරෙන්. අද කොච්චර වටිනාකම වැඩිවෙලාද කියලා බැලුවොත් අද ලියුමක් යවන්න රුපියල් දහයක විස්සක මුද්දරයක් ගහන්න ඕනේ. අත්සනක් ගහන්න ගියත් කීයේ මුද්දරයක්ද ගහන්න ඕනේ. මම හිතනවා මේ මුද්දර ගැහිල්ල අහෝසි කරන්න ඕන කාලය ඇවිල්ලා කියලා. හැම කෙනාටම හැදුනුමපතක් තිබෙනවා. මොකටද මුද්දර ගහන්නේ. මේ අඩුපාඩුකම් නිවැරදි කරගෙන ඉදිරියට යා යුතුයි.