― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsසක්විති රජකම දුන්නත් හොරු එක්ක ඩීල් දාන්නෑ

සක්විති රජකම දුන්නත් හොරු එක්ක ඩීල් දාන්නෑ

සක්විති රජකම ලබා දෙනවා කිව්වත් හොරු එක්ක ඩීල් නොදාන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 161 වැනි අදියර යටතේ අද (22) හම්බන්තොට, වීරකැටිය, මීගස්ආර මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ වන විට රටේ දේශපාලනය තුළ බලය ලබා ගැනීමට බලු පොරයක් මෙන් තනතුරු තාන්න මාන්න ලබා ගැනීමට කුමන්ත්‍රණ ක්‍රියාත්මක බවත් මේ කුමන්ත්‍රණ සිදු කිරීමට ඇති කෑදරකම රටේ අධ්‍යාපනය ගොඩනගන්න නොමැති බවත් මේ සෑම දෙයක්ම සිදු කරන්නේ බලය ලබා ගැනීමට සහ තනතුරුවලට ඇති ආශාව නිසා බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ තමා හොරු සමඟ එකතු වී ජනාධිපතිකම් ලබා ගත්තේ නම් හොරු රකින්න සිදු වන බවත් එහෙත් තමා එවැනි දෙයක් සිදු නොකර සිටි නිසා හොරු රකින්න සිදු නොවූ බවත් අදටත් පාස්කු ප්‍රහාරයේ නිවැරදි සත්‍ය හෙළිදරව් වී නොමැත්තේ ගජ මිතුරන් රකින්න සිදුවූ නිසා බවත් මේ ගැන කාදිනල්තුමා පවා ප්‍රකාශයක් සිදු කර ඇති බවත් ය.

ඔවුන්ට හොරුන් දේශපාලනඥයන් සමඟ ගජ මිතුරුකම් තිබුණාට තමාගේ යාළුකම් ඇත්තේ රටේ ලක්ෂ 220 ජනතාව සමඟ බවත් සක්විති රජකම දෙනවා කිව්වත් කූඨ කුමන්ත්‍රණ ඩීල් දැමීමට නොයන බවත් තමාට ඩීල් ඇත්තේ ලක්ෂ 220ක් පොදුජනතාව සමඟ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.

ක්‍රමයේ වෙනස ආරම්භ කළේ සමගි ජන බලවේගය බවත් ප්‍රාථමික, ද්විතීය, පෙරපාසල්, තෘතීයික අධ්‍යාපන පද්ධතිය රජයේ මුදලින් පමණක් දියුණු කළ නොහැකි නිසා ඒ සඳහා නව ක්‍රම සහ විධි නිර්මාණය කළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් තමා සතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඡන්ද මල්ල පුරවා ගන්න සිංහල පමණයි දමිළ පමණයි කියමින් යන බවත් මේ නිසා 41 ලක්ෂයක් පාසල් දූදරුවන් අනාථ වී ඇති බවත් මේ ගැන කියන විට තමා විජාතිකයි කියා කිව හැකි බවත් අධ්‍යාපනයේ විප්ලවයක් ඇති කරන විට දරුවන්, ගුරුවරුන් සහ දෙමාපියන් පාරට බැස්සවිය හැකි බවත් මොවුන් දන්නේ දරුවන් පාසල් පාරට බැස්සවීමට සහ පාසල් ගිනි තැබීමට බවත් මේවාට විරුද්ධ වන්නේ අන්ත කොමියුනිස්ට්වාදී අන්ත සමාජවාදීන් බවත් සමාජ සාධාරණත්වය ගැන කතා කරන මෙම අන්ත සමාජවාදීන්ගේ දරුවන් පෞද්ගලික පාසල් හා විශ්වවිද්‍යාවලට යන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

මොවුන්ගේ දරුවන් පෞද්ගලික පාසල් හා පෞද්ගලික විශ්වවිද්‍යාවල ඉගෙන ගන්නා අතරතුර රජයේ පාසල් හා විශ්වවිද්‍යාවල දරුවන් තමන්ගේ සටන්පාඨ පාරේ කියවන්න භාවිත කරන බවත් මෙය අන්ත කුහක සිතුවිල්ලක් බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

2019 ජනාධිපතිවරණයේ දී කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැටලු ගැන කතා කරද්දි තමාට අපහාස කරමින් පෑඩ් මෑන් කියා නම් දැමුවත් ස්කොට්ලන්තය සියලුම කාන්තාවන්ටත් නවසීලන්තයේ පාසල් දැරියන්ටත් එම පහසුකම් ලබා දෙන බවත් තමාට කොතරම් බැන්නත් ඒවා නොසලකා මේ වෙනුවෙන් හඬ නැගීමේ ප්‍රතිඵලයක් ලෙස තෝරා ගත් දැරියන්ට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්න රජය කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.