― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsAccidentෆොක්ස් හිල් තරඟකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ෆොක්ස් හිල් තරඟකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

දියතලාව ෆොක්ස් හිල් ධාවන පථයේදී ඊයේ (21) සිදු වූ අනතුර සම්බන්ධයෙන් ධාවන තරඟකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු තරඟකරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු තරඟකරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෝටර් රථ තරගයක් අතරතුර වම්පස ඉදිරියෙන්ම ධාවනය වූ මෝටර් රථයක් ධාවන පථයේ පෙරළී ගොස් ඇති අතර ඒ අසළ දකුණු පස සිටි නරඹන්නන් පිරිසක් ධාවන පථය ආසන්නයටම පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී පසුපසින් ධාවනය වූ තවත් මෝටර් රථයක් දකුණු පසින් පැමිණ ඇති අතර ධාවන පථය ආසන්නයටම පැමිණ සිටි නරඹන්නන් එහිදී කලබලයට පත්ව තිබෙනවා.

එහිදී ඔවුන්ව මඟහැර ධාවනය කිරීමට මෝටර් රථයේ රියදුරු උත්සාහ කළ අවස්ථාවේ අධික වේගයෙන් ධාවනය වෙමින් පැවති එම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන නරඹන්නන් දෙසට පෙරළීයාමෙන් මෙම මාරන්තික අනතුර සිදුව තිබුණා.

මෙම අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 19 දෙනෙක් තුවාල ලැබුවා.