― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඅනුර කුමාර විවාදයට දින දෙයි

අනුර කුමාර විවාදයට දින දෙයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා අනුර කුමාර දිසානායක දිනයක් ලබා දී තිබෙනවා.

ජාතික ජන බලවේගය විසින් සජබයට ලිපියක් මගින් මේ බව දැනුම් දී තිබෙනවා.

එම ලිපිය පහතින්,

රංජිත් මද්දුමබණ්ඩාර මහතා
මහලේකම්
සමගි ජන බලවේගය
592, කෝට්ටේ පාර,
කෝට්ටේ.

මහත්මයාණෙනි,

විවාදය සඳහා දින නියම කර ගැනීම පිළිබඳවයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා නිශ්චිත දින නියම වීමක් මෙතෙක් සිදු නොවීම හේතුවෙන් ජනතාව අතර මේ සම්බන්ධව නිවැරදි නොවන අදහස් මතු වීමේ ඉඩක් තිබේ.

ඒ අනුව අප විසින් මීට ඉහතදීද යෝජනා කළ පරිදි රට මුහුණ දී ඇති සමස්ත අර්බුදයට හේතු සහ විසඳුම පිළිබඳ විවාදය 2024 වර්ෂයේ එළඹීමට නියමිතව ඇති ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට නියමිත ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ නායකයින් දෙදෙනා අතර පැවැත්විය යුතු බව අපි අවධාරණය කර ඇත්තෙමු. අප පක්ෂය වෙනුවෙන් නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ඊට සහභාගි වනු ඇත.

එම විවාදය සඳහා 2024 මැයි මාසයේ 07, 09, 13, 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට අපි සූදානම්ව සිටිමු. මේ සම්බන්ධව ඔබ පක්ෂයේ සූදානමට අනුව දිනය තෝරා ගැනීමෙන් අනතුරුව අදාළ වේලාව, විවාදයේ කාලසීමාව, ස්ථානය සහ විකාශනය වන නාලිකාව අපට පසුව සාකච්ඡා කර ගත හැකිය.

එසේම යම් හෙයකින් සමගි ජන බලවේගය ලෙස මෙම විවාදයට එකඟ නොවන්නේ නම් ඒ බව කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටිමු.

වෛද්‍ය නලින්ද ජයතිස්ස
ජාතික විධායක සභික
ජාතික ජන බලවේගය.