සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර පැවැත්වීමට යෝජනා කර ඇති විවාදය සඳහා ජාතික ජන බලවේගය විසින් තීරණය කර ඇති දින ඇතුළත් ලිපිය ලැබුණු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා.
මන්ත්‍රීවරයා පවසන්නේ තීන්දු කර ඇති දින හතර ජාතික ජන බලවේගය ඒකපාර්ශවිකව තීරණය කර ඇති බවයි.
කෙසේවෙතත් එම දින කිහිපය තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොදාගත් වෙනත් රාජකාරී කටයුතු ඇති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
ඒ අනුව එලැඹෙන 25 හෝ 26 වැනිදා ජාතික ජනබලවේයේ නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී හමු වී දෙපාර්ශ්වයම එකඟ වන දිනයක් මෙම විවාදය සඳහා යොදාගැනීමට කටයුතු කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
නායකයින්ගේ වාදය සහ ආර්ථික කමිටුවේ විවාදය යන දෙකම සිදුකිරීමට එකඟතාවය පළවිය යුතු බවයි මන්ත්‍රීවරයා එහිදීඉ සඳහන් කළේ.
ලබන මැයි මස 07, 09, 13 සහ 14 යන දිනවලින් ඕනෑම දිනයක් තුළ සමගිජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානයක මහතා අතර විවාදය පැවැත්වීමට සූදානම් බවට ජාතික ජන බලවේගය ඊයේ (22) ලිපියක් මඟින් දැනුම් දුන්නා.