25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවේ 14 හැවිරිදි දැරියකට ගබ්සාවට අවසර

ඉන්දියාවේ 14 හැවිරිදි දැරියකට ගබ්සාවට අවසර

ලිංගික අතවරයකට ලක්ව ගැබ්ගත් 14 හැවිරිදි දැරියකගේ මානසික සහ කායික යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා ගබ්සාවක් සිදුකිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා.

ඉන්දීය මාද්‍ය වාර්තා කරන්නේ ඇය ගැබ්ගෙන ඇති බව දැනගත්තේ ගැබ්ගෙන සති 30කට පමණ පසුව බවයි.

ගබ්සා පනත මගින් ගබ්සාව සති 24කට සීමා කර ඇති බැවින් විවාහක කාන්තාවන්, දූෂණයට ලක් වූවන්, ආබාධිත පුද්ගලයන්, ළමුන් ආදීන්ට මෙම අවසරය ලැබෙන්නේ කලාතුරකිනි.

ඉන්දීය අගවිනිසුරු ඩී. චන්ද්‍රචුඩ් සහ විනිසුරු ජේ. බී. පර්දිවාලා යන විනිසුරු මඩුල්ල විසින් වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශය පිළිගනු ලැබුවේ ‘බාල දැරියකගේ කැමැත්තට එරෙහිව ගැබ් ගැනීම ඇයගේ කායික සහ මානසික යහපැවැත්මට බලපානු ඇත’ යන්නයි.