― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඕස්ට්‍රේලියාව හා ලංකාව අතර වෙරළ ආරක්ෂක මෙහෙයුමක්

ඕස්ට්‍රේලියාව හා ලංකාව අතර වෙරළ ආරක්ෂක මෙහෙයුමක්

ඔස්ට්‍රෙලියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීමේ ඒකාබද්ධ සමුද්‍ර ආරක්ෂන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ යටතේ ඔස්ට්‍රෙලියානු දේශසීමා බලකාය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් දික්ඕවිට ප්‍රදේශයේ සිට හලාවත ප්‍රදේශය දක්වා දිසිරළ නමින් සතියක නියමු ව්‍යාපෘතියක් ආරම්භ කළා.

දිසිරළ නමින් පසුගිය අප්‍රේල් මස 22 වැනිදා කොළඹදී දියත් කරන ලද මෙම නව ඒකාබද්ධ සමුද්‍ර ආරක්ෂක මෙහෙයුම තුළින් ඔස්ට්‍රෙලියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් වනු ඇති.

අන්තර් සමුද්‍රීය කලාපය පිළිබද විමසිලිමත් බව තවදුරටත් ඉහළ නැංවීම මෙම දිසි රළ ඒකාබද්ධ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ‍යි.

මෙම ක්‍රියාන්විතය ඔස්සේ නීති විරෝධී මිනිස් ජාවාරම් සහ අනෙකුත් සමුද්‍රීය අපරාධ පිළිබදව මහජනතාව දැනුවත් කිරීම ඇතුළුව ඔස්ට්‍රෙලියානු දේශසීමා බලකාය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව අතර මෙහෙයුම් සිදුකිරීමත්, තොරතුරු හුවමරු කර ගැනීමත් මෙමගින් සිදු කෙරෙනවා.

එමෙන්ම පැය 24 පුරාම සක්‍රීයව පවතින 041 750 1400 විශේෂිත ක්ෂණික ඇමතුම් අංකයක් හරහා සමුද්‍රීය කලාපයේ ආරක්ෂාව සම්බන්ධ ඕනෑම සැක සහිත හෝ නීති විරෝධී සමුද්‍ර ක්‍රියාකාරකමක් පිළිබදව නිර්නාමිකව වාර්තා කිරීමේ පහසුකම ද මහජනතාව වෙත සලසා දී තිබෙනවා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රෙලියානු මහ කොමසාරිස්වරයා සහ රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් ඇතුළු පිරිසක් සහභාගී වුණා.

ඉන් අනතුරුව ඔවුන් කොළඹ වරායේ නිරීක්ෂණ කටයුතුවලටද සහභාගී වුණා.