23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකතකට බලෙන් හදි කළ වුන් සොයා විමර්ශන

කතකට බලෙන් හදි කළ වුන් සොයා විමර්ශන

යාපනයේදී කල්ලියක් විසින් මත්ද්‍රව්‍ය එන්නත් කර කාන්තාවකට ලිංගික අතවර කළ බවට පරුත්තුරේ පොලිසියට පැමිණිල්ලක් ලැබීමෙන් පසු පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

යාපනය නගරයට ආසන්න ගම්මානයක පදිංචි 34 හැවිරිදි කාන්තාවකගේ මව සහ පියා මිය යාමෙන් පසු එම කාන්තාව සහ ඇයගේ වැඩිමහල් සොහොයුරිය පරුත්තුරෙයි ප්‍රදේශයේ දිළිඳු පුද්ගලයන් සඳහා නවාතැන් දෙන ස්ථානයට දිවිගෙවා තිබෙනවා.

ඇයගේ වැඩිමල් සොහොයුරිය පසුගියදා ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් කාන්තාවගේ සොහොයුරා විසින් ඇයව තම නිවසට රැගෙනවිත් තිබෙනවා.

අදාළ කාන්තාව සොහොයුරාගේ නිවසේ නැවතී සිටියදී යම්කිසි කණ්ඩායමක් බලහත්කාරයෙන් නිවසට ඇතුළු වී ඇයට මත්ද්‍රව්‍ය ලබා දී එය පානය කරන ලෙස බල කර තිබෙනවා.

ඉන්පසුවයි ඔවුන් මෙම කාන්තාවට පහර දී දූෂණය කර ඇත්තේ.

ප්‍රතිකාර සඳහා පරුත්තුරේ මූලික රෝහලට ඇතුළත් වූ තුවාල ලැබූ කාන්තාව තමන්ට සිදු වූ අමානුෂික ක්‍රියාව පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවගේ පැමිණිල්ල මත පරුත්තුරේ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.