27.2 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතායිවානයේ ප්‍රබල භූ කම්පනයක්

තායිවානයේ ප්‍රබල භූ කම්පනයක්

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ (22) රාත්‍රියේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය රිච්ටර් මාපාංක 6.3ක ප්‍රබලත්වයකින් සටහන් වී ඇති බවයි.

මෙම භූකම්පනයෙන් පසු ඊයේ (22) රාත්‍රියේ සිට අද (23) අලුයම දක්වා පසු කම්පන 80 කට වැඩි ප්‍රමාණයක් සිදුව තිබෙනවා.

රිච්ටර් මාපාංක 6.3ක ප්‍රබලත්වයක් ගත මෙම භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති අතර, එහි ගොඩනැඟිලි ද සෙලවීමකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේනමුත් මෙම භූකම්පනයෙන් සිදුව ඇති හානිය පිළිබඳව තවමත් නිශ්චිත අනාවරණයක් සිදු කර නැහැ.