28.1 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමැලේසියාවේ හෙලිකොප්ටර් අනතුරක්

මැලේසියාවේ හෙලිකොප්ටර් අනතුරක්

මැලේසියාවේ බටහිර පෙරාක් ප්‍රාන්තයේ දී හෙලිකොප්ටර් යානා දෙකක් උඩු ගුවනේදී ගැටී දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බටහිර පෙරාක් ප්‍රාන්තයේ ලුමුට් නාවික හමුදා කඳවුරේ දී අද උදෑසන 9.32ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරින් හෙලිකොප්ටර් යානා දෙකේ සිටි පුද්ගලයින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙරහුරුවක් අතරතුරදීයි මෙම හෙලිකොප්ටර් අනතුර සිදුව ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අනතුරෙන් පසු එක් හෙලිකොප්ටරයක් ධාවන පථයකට කඩා වැටී ඇති අතර අනෙක් යානය අසළ තිබූ පිහිනුම් තටාකයකට කඩා වැටී ඇති බවයි.