― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමොරගහහේන වෙඩි තැබීම ගැන තොරතුරු රැසක් එළියට

මොරගහහේන වෙඩි තැබීම ගැන තොරතුරු රැසක් එළියට

පාදුක්ක, මොරගහහේන මිල්ලෑව ප්‍රදේශයේදී පොලිසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අණ නොකතා ධාවනය කළ ත්‍රිරෝද රථයක් ඉලක්ක කර ගනිමින් පොලිසිය මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

මීගොඩ පොලිසියේ නිලධාරීන් බෙරුකැටිය ඉන්ධන පිරවුම්හල ආසන්නයේ ක්ෂණික මාර්ග බාධකයක් දමා රථවාහන සෝදිසි කිරීමේ යෙදී සිටියදී එම පොලිස් මාර්ග බාධකය පසු කරමින් ගමන් කරමින් තිබූ රතු පැහැති ත්‍රිරෝද රථයකට නවත්ව

වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් ⁣අවට පොලිස් ස්ථාන දැනුම්වත් කර ඇති අතර එම දැනුම් දීම මත වෙනත් විමර්ශනයක් සඳහා පැමිණ සිටි බස්නාහිර පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් ත්‍රි රෝද රථය ලුහුබැඳ ගොස් තිබෙනවා.

එහිදී ත්‍රි රෝද රථය නවතන ලෙස අණ කළද එම අණද නොතැකූ ත්‍රි රෝද රථයේ සිටි පිරිස රථය නොනවත්වාම පොලිසිය දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය පවසනවා.

ඒ අවස්ථාවේ පුවක් වත්ත ප්‍රදේශයේදී පොලිසිය ප්‍රති වෙඩි තැබීමක් කර ඇති අතර එහිදී ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි අයගෙන් දෙදෙනක් වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිටියදී හොරණ මූලික රෝහලට ඇතුළත් තර ඇති අතර ඒ වන විටත් ඔවුන් මියගොස් සිට තිබෙනවා.
එහි සිටි තවත් පුද්ගලයෙක් අසල රබර් වත්තකට පැන පළාගොස් ඇතැයි පොලිසිය පැවසුවා.

සිද්ධිය වූ ස්ථානයේ තිබී පිස්තෝල වර්ගයේ ගිනි අවියක් ද පොලිසිය විසින් සොයා ගත්තා. මෙලෙස මියගොස් ඇත්තේ අපරාධ රැසකට සම්බන්ධ තනමල්විල, සූරිය ආර ප්‍රදේශයේ පදිංචිව සිටි සුරාජ් ප්‍රබෝධ නොහොත් මත්තේගොඩ සුද්දා නැමැත්තා හා යුද හමුදා විශේෂ බලකායේ සේවය කළ අයෙක් බව හඳුනාගෙන තිබෙනවා.

මත්තේගොඩ සුද්දා මීට වසර දෙකකට පමණ ඉහතදී රත්මලානේ කුඩු අංජු නමැත්තාගේ අනුදැනුම මත රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පාතාල සාමාජික වැලිඔය ප්‍රියන්ත නමැත්තාගේ සමීපතමයෙකු බවත් පොලිසිය පවසනවා.

හොරණ අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා සිද්ධි වූ ස්ථානයට හා හොරණ මූලික රෝහල වෙත පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මොරගහහේන පොලිසිය විසින් සිදු කරනු ලබනවා.