28.9 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙට පැය 12ක ජල කප්පාදුවක්

හෙට පැය 12ක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයට හෙට පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා පැය 12ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, කඳාන, ජා-ඇල, කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශය, කැළණිය, මහර, මිනුඅංගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

අත්‍යවද්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වන බැවින් පරිභෝජනය සඳහා අවශ්‍ය ජලය රැස්කර තබාගන්නා ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.