― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsදුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සැක සහිතයි

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සැක සහිතයි

දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාරගේ මරණය සැක සහිත බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පැවැත්වීම ප්‍රමාණවත් නොවන බව අනුරාධපුර පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මේ අනුව මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතුව නොපමාව අධිකරණයට දන්වන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය නියෝග කළා.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නවාතැන් ගෙන සිටි දුම්රිය සංචාරක නිවාස කාමරයේ තැන තැන, ලේ පැල්ලම් දක්නට තිබූ බව අධිකරණයට දැනුම් දුන් උප පොලිස් පරීක්ෂකවරයා, මළ සිරුර තිබුණේ ඔහු නිදා ගෙන සිටි ඇඳ මත නොව අදාළ කාමරයේ ටයිල් කැට ඇතුරු පොළොව මත බව සඳහන් කළා.

මේ අනුව සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය යම් අසනීප තත්ත්වයක් නිසා සිදුවූ ස්වභාවික මරණයක්ද නැතිනම් ඝාතනයක් ද යන්න අනාවරණය කර ගැනීමට පොලිසියට අවශ්‍යව ඇතැයි උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දැනුම් දුන්නා.

එම කරුණු සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතුව නොපමාව අධිකරණයට දන්වන ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළා.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මිය ගොස් සිටි අනුරාධපුර ධර්මපාල මාවතේ පිහිටි දුම්රිය සංචාරක නිවාසයට ගොස් අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට ගොස් මළ සිරුර පරීක්ෂා කර බැලීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර අභාවප්‍රාප්ත වුණේ ඊයේ පෙරවරුවේයි.

ඔහු මිය ගියේ හෘදයාබාධයක් හේතුවෙන් බව මීට පෙර වාර්තා වුණා.