31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅයිස් සමඟ අපරාධකරුවෙක් අත්අඩංගුවට

අයිස් සමඟ අපරාධකරුවෙක් අත්අඩංගුවට

මීටියාගොඩ මංසන්ධියේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් රැසකගේ ප්‍ර‍ධාන ගෝලයා ලෙස කටයුතු කළ අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව ඊයේ (24) තබපිටිය, ලිහිණියාගල, මීටියාගොඩ ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී 2021.01.25 වන දින මීටියාගොඩ මංසන්ධියේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී තරිදු නැමති පුද්ගලයා තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමට අදාල ප්‍ර‍ධාන සැකකරු වන ලිහිණියාගල, මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 ක් සහ ජංගම දුරකථන 02 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු පිටිගල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවන් වන ‘කරන්දෙණියේ සුද්දා, රාජු සහ සමන් කොල්ලා’ යන අයගේ ප්‍ර‍ධාන ගෝලයකු ලෙස කටයුතු කරන බවට තොරතුරු අනාවරණය වී ඇත.