27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේව මෙහෙයක් අතරතුර කතක් හදිසියේම ජීවිතක්ෂයට

දේව මෙහෙයක් අතරතුර කතක් හදිසියේම ජීවිතක්ෂයට

මදුරන්කුලිය ප්‍රදේශයේ දේවස්ථානයක පැවති දේව මෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිය දරුවන් දෙදෙනා ද සමඟ අදාළ කාන්තාව පෙරේදා දේව මෙහෙය සඳහා සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පල්ලම, විල්පත ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියකි.

රෝග සුවවීම සඳහා අදාළ කාන්තාව විසින් රැගෙන ආ ජලය දේවගැතිවරයා විසින් ආශිර්වාද කිරීමෙන් පසු නැවත එම කාන්තාවට බීමට ලබාදීමෙන් පසුව ඇය මෙලෙස හදිසියේ අසනීප වී ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් එම කාන්තාව කාලයක සිට හෘදරෝගයකින් පෙළී ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මේ අතර අදාළ කාන්තාවගේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) පුත්තලම රෝහලේදී සිදු කිරීමට නියමිතයි.