27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsධනුකගේ ගෝලයන් තිදෙනෙක් හෙරොයින් සමඟ මාට්ටු

ධනුකගේ ගෝලයන් තිදෙනෙක් හෙරොයින් සමඟ මාට්ටු

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධනුකගේ ගෝලයන් තිදෙනෙකු හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව ඊයේ (24) වේල්ල වීදිය හා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම්වල අංක 111/ඒ1, මධ්‍යම පාර, කොළඹ 12 ලිපිනය පිහිටි නිවස ඉදිරිපිට දී, මාදම්පිටිය සුසාන භූමිය ඉදිරිපිටදී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් ලක්ෂ 50 කට අධික මුදලක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා.

එහිදී හෙරෙයින් කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 60 මිලි ග්‍රෑම් 150 ක්, ජංගම දුරකතන 03 ක් සහ මුදලින් රුපියල් 4,986,000.00 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 34, 31, 49 ත් අතර වන හේනමුල්ල, කොළඹ 15 හා මධ්‍යම පාර, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇත.

සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී දැනට විදෙස් ගතව සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු හා සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයකු වන ධනුකගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට තොරතුරු අනාවරණය වී ඇත.