― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsවඳුරු හා රිලා ගහණය පාලනයට අලුත් ක්‍රමයක්

වඳුරු හා රිලා ගහණය පාලනයට අලුත් ක්‍රමයක්

ගැබ් ගැනීම වැළැක්වීමේ අරමුණින් රිලවියන් හා වැදිරියන්ගේ යෝනි මාර්ගය ඔස්සේ ලූපයක් ඇතුළු කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය විසින් සාර්ථකව පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.

ඒ සඳහා කුඩා ප්‍රමාණයේ නව ලූපයක් නිර්මාණය කර රිලවියකගේ ගර්භාෂයේ තැන්පත් කිරීම ඊයේ (24) සාර්ථකව සිදු කරනු ලැබීය.

එක්වරක් පැටවුන් බිහි කළ වයස අවුරුදු 1 1/2ක් පමණ වන රිලවියක් මෙම පරීක්ෂණය සඳහා යොදාගෙන තිබූ අතර සැත්කමෙන් පසුව සිදුකළ එක්ස් රේ පරීක්ෂණයේදී අදාළ ලූපය සාර්ථකව තැන්පත්ව තිබෙන අයුරු දැක ගැනීමට ලැබුණු බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පශු ශික්ෂණ හා පශු සායනික අංශයේ අංශාධිපති මහාචාර්ය අශෝක දංගොල්ල පැවසුවේ.

කාන්තාවන් ගැබ් ගැනීම වැළැක්වීම සඳහා උපත් පාලන ක්‍රමයක් ලෙස මේ ආකාරයට ලූප් පැළඳවීම සිදු කරන බවත් මීට පෙර සාමාන්‍ය ප්‍රමාණයේ ලූපයක් යොදා ගනිමින් සිදු කළ පරීක්ෂණ අසාර්ථක වීම නිසා ප්‍රමාණයෙන් කුඩා මෙම නව ලූපය නිර්මාණය කළ බවත් මහාචාර්යවරයා පවසනවා.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාර්වේද අංශයේ වෛද්‍යවරුන් හා පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේත් සහය මේ සඳහා හිමිව තිබෙනවා.

රිලවියගේ ගර්භාෂය නිතර සංකෝචනය වීමත් ඉන් ශ්‍රාවයන් නිකුත් වීම අධික වීමත් නිසා තැන්පත් කරන ලූපය පිටතට තල්ලු වීමේ ප්‍රවණතාව වැඩි බවත් කුඩා ප්‍රමාණයට නිර්මාණය කළ නව ලූපය පිටතට තල්ලු නොවනු ඇතැයි විශ්වාස කරන බවත් මහාචාර්යවරයා සඳහන් කළා.

ලූපය තැන්පත් කිරීම සඳහා සත්ත්වයා සිහිසුන් කිරීමට පැය භාගයක පමණ කාලයක් ගතවන බව පැවසූ මහාචාර්යවරයා අවධාරණය කළේ සැත්කම සඳහා පැය භාගයක් පමණ ගතවන බවත් මෙය මෙරට රිලා ගහණය පාලනය කිරීමට ප්‍රායෝගිකව යොදා ගැනීමට ඇති හැකියාව වැඩි බවත්ය.

වසර 20 පමණ ආයු කාලයක් ඇති රිලවියක් සාමාන්‍යයෙන් ජීවිත කාලයේ දී පැටවුන් 10 – 15 අතර සංඛ්‍යාවක් බිහි කරන අතර මේ හේතුවෙන් රිලා ගහණය පාලනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.

එමෙන්ම වන්ධ්‍යාකරණ සැත්කමකට ලක් කළ හොත් අවම වශයෙන් දින තුනක් පමණවත් සතා රැක බලා ගැනීමට සිදුවන බවත් ලූපය තැන්පත් කළ රිලවිය මාස තුනක පමණ කාලයක් කූඩුකර තබා ස්කෑන් පරීක්ෂණයක් මගින් පරීක්ෂණයේ සාර්ථකත්වය තහවුරු කර ගත යුතු බවයි මහාචාර්යවරයා අවධාරණය කළේ.