― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsශ්‍රීපාද මළුවෙන් පැන්න තරුණයා හමුවෙයි

ශ්‍රීපාද මළුවෙන් පැන්න තරුණයා හමුවෙයි

පසුගිය 19 වැනිදා ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ පුද්ගලයා හමු වී තිබෙනවා.

නල්ලතන්නිය පොලිසිය පැවසුවේ ඊයේ (24) සවස නල්ලතන්නිය, රාජමලේ වතුයායේදී මෙම පුද්ගලයා සොයාගත් බවයි.

මෙලෙස ශ්‍රී පාදස්ථානයෙන් පහළ පැන්න 33 හැවිරිදි පුද්ගලයා පොලීසිය හමුවේ පවසා ඇත්තේ තමා පසුගිය 19 වැනිදා හම්බන්තොට, සූරියවැව ප්‍රදේශයේ සිට තවත් පිරිසක් සමඟ නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි බවයි.

අතුරුදන්ව සිටි පුද්ගලයා ඊයේ (24) සවස නල්ලතන්නිය, රාජමලේ වතුයායේ සිටින බවට එම වතුයායේ පිරිසක් පොලීසියට දැනුම් දී තිබෙනවා.

ඉන්පසු නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් එම ස්ථානයට ගොස් ඇති අතර ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තමන් පසුගිය 19 වැනිදා ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණ උඩ මළුව වන්දනා කළ බවත් ඉන්පසුව සිදු වූ කිසිවක් තමාට මතක නැති බවත්ය.

ඉන් අනතුරුව තම මුහුණට වතුර වැනි දෙයක් වැටීමෙන් පසු බලන විට තමන් කැළෑවක් තුළ සිටි බවත් පසුව එම කැළාවේ දිය පහරක් දිගේ තමන් මෙම ස්ථානයට පැමිණි බවත් ඔහු පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

කෙසේනමුත් මෙම පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.