― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඉන්දියාවෙන් තවත් විස්මිත හදවත් සැත්කමක්

ඉන්දියාවෙන් තවත් විස්මිත හදවත් සැත්කමක්

ඉන්දියානුවෙකුගේ හදවතක් පාකිස්ථාන ජාතික තරුණියකට බද්ධ කිරීමේ විස්මයජනක සැත්කමක් ගැන පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

චෙන්නායි නුවර MGM හෙල්ත්කෙයාර් රෝහලේ දී 69 හැවිරිදි වියේ පසු වූ මොළය මියගිය ඉන්දීය ජාතිකයෙකුගේ හදවතක් මෙලෙස පාකිස්ථාන ජාතික තරුණියට බද්ධ කර තිබෙනවා.

මෙම සැත්කමේ ඇති විශේෂත්වය නම් රුපියල් ලක්ෂ 35 කට වැඩි මුදලක් වැයවන මෙම සැත්කම වෛද්‍යවරුන් සහ දිල්ලි නුවර මූල්‍ය පදනමක් එක්ව නොමිලේ සිදුකර තිබීමයි.

හෘද පොම්ප කපාටයක කාන්දුවක් තිබීම හේතුවෙන් හෘද රෝගයකින් පෙලුණු 19 හැවිරිදි අයේෂා රෂාන් නැමැති මෙම තරුණියටයි මෙම හදවට්‍රහ් සැත්කම සිදුකර ඇත්තේ.

වෛද්‍යවරුන් පවසා තිබුණේ ඇයව ජීවත් කිරීමට නම් සම්පූර්ණ හදවතක් බද්ධ කිරීමට අවශ්‍ය බවයි.

ඒ අනුව ඇයට මෙලෙස මොළය මියගිය ඉන්දීය ජාතිකයෙකුගේ හදවතක් සාර්ථක ලෙස බද්ධ කර තිබෙනවා.

සැත්කමට භාජනය වූ තරුණිය මේ වනවිට ක්‍රමයෙන් සුවය ලබමින් පසුවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.