― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමගේ ළඟ ඩීල් දේශපාලනය නෑ - විජේදාස

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස පත්කර ගත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඊයේ (25) මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු මල්වතු මහා නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

එහිදීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේදී විධායක කමිටු සාමාජිකයෝ 116ක් ඒකමතිකව තීරණය කළා මාව පක්ෂයේ වැඩබලන සභාපති වශයෙන් පත් කිරීමට, මම ඒ ආරාධනාව පිළිගත්තා. මගේ ළඟ ඩීල් නෑ. මේ සියල්ලම සිදුවුණේ පක්ෂ ව්‍යවස්ථාවට අනුවයි. ව්‍යවස්ථාවට පටහැනිව කිසිදෙයක් සිදුවෙලා නෑ. මේ පක්ෂයක වැඩ බලන සභාපති වුණා කියලා මගේ ඇමතිකම අහෝසි කරන්න රජයට කිසි හේතුවක් නෑ. මේ රජයේ විවිධ පක්ෂ නියෝජනය කරන ඇමැතිවරු ඉන්නවා. මට එරෙහිව ඕනෑම අයෙක් ගන්නා තීන්දු තීරණවලට අවශ්‍ය වෙලාවට මමත් තීන්දු තීරණ ගන්නවා. මේ වෙලාවේ මේ සම්බන්ධයෙන් අධිකරණ කටයුත්තක් සිදුවෙන නිසා වැඩියමක් ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. අපි අවශ්‍ය වෙලාවට අධිකරණයට යනවා. හදිස්සි නෑ.