― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකමල් ගුණරත්න හා රුසියානු ආරක්ෂක ලේකම් හමුවෙයි

කමල් ගුණරත්න හා රුසියානු ආරක්ෂක ලේකම් හමුවෙයි

රාජ්‍ය ආරක්‍ෂක කටයුතු පිළිබඳ සාකච්ජා කිරීම සඳහා වන 12 වැනි ජාත්‍යන්තර හමුව ලොව පුරා රටවල් නියෝජනය කරන උසස් නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 2024 අප්‍රේල් 22 සිට 25 දක්වා රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හිදී පැවැත්වුණා.

වර්තමානයේ ගෝලීය වශයෙන් සියලු ජාතීන් මුහුණ දෙන ආරක්‍ෂක අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීමට සහ ඒවාට අවශ්‍ය විසඳුම් සෙවීම සඳහා මෙම අතිශය වැදගත් සමුළුව ඔස්සේ පුළුල් වේදිකාවක් සපයනු ලබයි.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඊට සහභාගී වූ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් Nikolai Patrushev අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාව මෙම හමුවෙහි කැපී පෙනෙන සුවිශේෂී අවස්ථාවක් විය.

ආරක්‍ෂක අභියෝගයන්ට මුහුණ දීම සඳහා මෙන්ම කලාපීය සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව සහ සාමුහිකත්වය වැඩිදියුණු කිරීමේ වැදගත්කම මෙම හමුවේදී අවධාරණය කරනු ලැබීය.

ත්‍රස්ත මර්දන ප්‍රයත්නයන්, සයිබර් හා අන්තර්ජාල ආරක්‍ෂාව මෙන්ම ආරක්‍ෂක සහයෝගීතාව ඇතුළු පුළුල් පරාසයක මාතෘකා බොහොමයක් මෙම සාකච්ඡාවට ඇතුළත් විය.

තවද ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සහ ආරක්‍ෂක ක්‍රියාවලිය තුළ දෙරටේ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා වන නව මංපෙත් පිලිබඳ සොයා බැලීමට ඇති අන්‍යොන්‍ය කැපවීම දෙපාර්ශ්වය විසින්ම ප්‍රකාශ කළහ.

ගෝලීය ප්‍රජාව මුහුණ දෙන පොදු ආරක්‍ෂක අභියෝගයන්ට මුහුණ දීමේ අරමුණින් ඔවුනොවුන් සතු තීක්‍ෂණ දැනුම හුවමාරු කර ගැනීමට, වඩාත් උචිත භාවිතයන් හඳුනා ගැනීමට සහ වඩාත් ශක්තිමත් හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමට රාජ්‍ය ආරක්‍ෂක කටයුතු පිළිබඳ සාකච්ජා කිරීම සඳහා වන 12 වැනි ජාත්‍යන්තර හමුව ඔස්සේ ඊට සහභාගි වූ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන්ට අවස්ථාවක් හිමිවුණා.