30 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තබයි

කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තබයි

යාපනය, කොකුවිල් දුම්රිය ස්ථානය තාවකාලිකව මුද්‍රා තබා වසා දමා තිබෙනවා.

කොකුවිල් දුම්රිය ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි ස්ථානභාර නිලධාරියා රුපියල් ලක්ෂ 20ක මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවට කෝපායි පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවෙන්ද මෙම වංචාව සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ලෙස දුම්රිය ස්ථානය මුද්‍රා තබා වසා දමා දුම්රිය ස්ථානාධිපතිවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

එම දුම්රිය ස්ථානය තාවකාලිකව වසා ඇති බැවින් ගමන් ප්‍රවේශපත්‍ර ලබාගැනීම සඳහා යාපනය දුම්රිය ස්ථානයට යන ලෙස දැන්වීමක්ද අලවා තිබෙනවා.