28.9 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹට පැය 14ක ජල කප්පාදුවක්

කොළඹට පැය 14ක ජල කප්පාදුවක්

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකට හෙට (27) ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඔවුන් පවසන්නේ මෙම ජල කප්පාදුව හෙට (27) පස්වරු 5 සිට අනිද්දා (28) පෙරවරු 7 දක්වා පැය 14ක කාලයක් බලපැවැත්වෙනු ඇති බවයි.

ඒ අනුව කොළඹ 05 සහ 06, දෙහිවල, ගල්කිස්ස සහ මොරටුව නගර සභා බල ප්‍රදේශ ජයන්තිපුර, පැලවත්ත යන ප්‍රදේශ සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදුකරනු ලබන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කිරීමට නියමිතයි.