29.5 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුල්බඩින් නයිබ් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට

ගුල්බඩින් නයිබ් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට

IPL තරගාවලියේ ඉතිරි තරඟ සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟ ඇෆ්ගනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ගුල්බඩින් නයිබ් ගිවිසුම්ගතව තිබෙනවා.

ආබාධයකට ලක් වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් මාෂ් වෙනුවට ගුල්බඩින් මෙලෙස දිල්ලි කණ්ඩායම සමඟ එක්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ අනුව ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම එක්ව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

මිචෙල් මාෂ් 2024 IPL තරඟාවලියෙන් ඉවත් වීමට පෙර දිල්ලි කණ්ඩායම වෙනුවෙන් තරඟ හතරක් සඳහා ක්‍රීඩා කරනු ලැබුවා. මාෂ් පසුගිය අප්‍රේල් 12 වන දින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ උපදෙස් ලබා ගැනීම සඳහා ඉන්දියාවේ සිට පර්ත් වෙත ආපසු ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එහිදී දින දහයකට පසුව, දිල්ලි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රිකී පොන්ටින් මිචෙල් මාෂ් නැවත ඓඵ්ළ් තරගාවලියට එක නොවෙන බව හෙළි කළා.

ඒ අනුවයි ඇෆ්ගනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ගුල්බඩින් නයිබ් දිල්ලි කණ්ඩායමට එක්කර ගැනීමට මෙලෙස තීරණය කර ඇත්තේ.