26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචීනය හා ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා

චීනය හා ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා

චීන කුඩා හා මාධ්‍ය පරිමාණ වාණිජ ව්‍යවසාය සංගමය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් පවත්වා තිබෙනවා.

අරලියගහ මන්දිරයේ පැවති මෙම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමුකර තිබෙනවා.

එමෙන්ම එහිදී වාහන නිෂ්පාදනය, පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකාර්මික තාක්‍ෂණය, කඩදාසි සහ මුද්‍රණ ආශ්‍රිත ක්ෂේත්‍ර ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක ව්‍යාප්තිය සහ වෙළඳ ආයෝජන පිළිබඳව වැඩි වශයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.