23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsචීනය හා ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා

චීනය හා ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා

චීන කුඩා හා මාධ්‍ය පරිමාණ වාණිජ ව්‍යවසාය සංගමය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් පවත්වා තිබෙනවා.

අරලියගහ මන්දිරයේ පැවති මෙම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමුකර තිබෙනවා.

එමෙන්ම එහිදී වාහන නිෂ්පාදනය, පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකාර්මික තාක්‍ෂණය, කඩදාසි සහ මුද්‍රණ ආශ්‍රිත ක්ෂේත්‍ර ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක ව්‍යාප්තිය සහ වෙළඳ ආයෝජන පිළිබඳව වැඩි වශයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.