29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජයටම කරගෙන ගිය කසළ තේ ජාවාරම් 02ක් කොටු

ජයටම කරගෙන ගිය කසළ තේ ජාවාරම් 02ක් කොටු

කසළ තේ ගබඩා දෙකක් පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙක් ගම්පොල විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් දෙදෙනා දිගු කලෙක සිට මහා පරිමාණයෙන් මෙම කසළ තේ ගබඩා පවත්වාගෙන ගොස් ඇති බවයි.

මෙම වැටලීමේදී කසළ තේ කිලෝග්‍රෑම් 27367ක් සොයා ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ගම්පොළ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (25) දවුලගල පොලිස් වසමේ කැටකුඹුර ටී ප්‍රොසෙසින් සෙන්ටර්, නො 35/සී, කැටකුඹුර, ලීමගහකොටුව ස්ථානයේ හා නවකුරුදුවත්ත පොලිස් වසමේ ලැන්ටන් හිල් ගෲප් තේ කම්හල, ගම්පොල ස්ථානයේ දී වැටලීමක් සිදු කර ඇත.

එහිදී භාවිතයට නුසුදුසු බවට සැකකෙරෙන කසළ තේ කිලෝ 27,367ක් ගබඩා කරගෙන සිටි ලීමගහකොටුව, උලපනේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 සහ 60 වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔවුන් දවුලගල සහ නවකුරුදුවත්ත පොලිස් ස්ථාන වෙත භාර දී ඇත.