2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් මේ වසරේ ජූනි 30 දා වන විට අයකර ගැනීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කරා.
2023 වසරට අදාළව පමණක් මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 1100 බව ද කාරක සභාවේ දී අනාවරණය වුණා.