28.4 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්පෙති තොගයක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

මත්පෙති තොගයක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සඳහා තහනම් මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම්කරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (25) යාපනය පොලිස් වසමේ යාපනය, කස්තුරියා මාර්ගයේදී වැටලීමක් සිදුකර ඇත.

එහි දී අනාවරණය කරගත් තොරතුරු අනුව ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා තහනම් (pregabalin) වර්ගයේ මත්කරල් 1,400 ක් සන්තකයේ තබාගෙන සිටි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොකුවිල් බටහිර, යාපනය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ක තරුණයෙක් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් තරුණයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.