32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සේවා

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සේවා

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර ‘මෝල්ඩිවියන්ස් ගුවන් සේවය’ ඍජු ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මාලදිවයිනේ මාලේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන්තොටුපොළ අතර ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ (25) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

කිව්.2 – 940 දරණ මෙම ගුවන් යානය ඊයේ රාත්‍රී 09.55 ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අතර ජල ආචාර පවත්වමින් මෙම ගුවන් යානය පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණා.

මෙම ගුවන් සේවයේ යානා සෑම සතියකම දින දෙකක්, එනම් බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දෙදින කටුනායක සහ මාලදිවයින අතර ගුවන් ගමන්වල නිරත වීමට නියමිතයි.

අඩු වියදම් ගුවන් සේවයක් වන මෙම ගුවන් සේවය තම ප්‍රථම මංගල ගුවන් ගමන සඳහා ඒ.320 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණා.