27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentරිය අනතුරකින් යුධ හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් යුධ හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට

මාන්කුලම, වසන්තනගර් හන්දියේ දී අද (26) අලුයම ලොරි රථයක් හා යුද හමුදා සෙබළුන් රැගත් යුද හමුදා කැබ් රථයක් අනතුරට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම අනතුරින් කැබ් රථයේ පිටුපස ගමන් ගත් සෙබළෙක් ඉන් පිටතට විසි වී ගොස් පසුපසින් පැමිණි ලොරි රථයේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ තවත් සෙබළුන් 09 දෙනෙක් ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 39ක යුද හමුදා සැරයන්වරයෙක් බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.