29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රීලනිපයේ වැඩබලන මහලේකම් ධුරය දුමින්දට

ශ්‍රීලනිපයේ වැඩබලන මහලේකම් ධුරය දුමින්දට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පත්කර තිබෙනවා.

ඒ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ දේශපාලන මණ්ඩලයේ තීරණයකට අනුවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ දේශපාලන මණ්ඩල රැස්වීමක් ඊයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක අමාත්‍ය මහින්ද අමරවීර සහ හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා ද එක්ව සිටියා.

එම සාකච්ඡාවේදී නිදහස් පක්ෂ මහලේකම් ධූරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පත්කිරීමට තීරණය කර තිබෙනවා.

නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මිත්‍රපාලට එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබීම නව වැඩබලන ජාතික සංවිධායකවරයෙක් පත් කිරීමට හේතු වී තිබෙනවා.