― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsකෙහෙළියට එරෙහි නියෝගය කල් යයි

කෙහෙළියට එරෙහි නියෝගය කල් යයි

නඩු විභාගය අවසන් වන තෙක් තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන නියෝගය ප්‍රකාශ කිරීම මැයි මස 07 වන දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළා.

එම නියෝගය අද (30) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් එය ප්‍රකාශ කිරීම මැයි මස 07 වැනිදා දක්වා කල් තබන බවයි අභියාචනාධිකරණ විනිසුරු ඩී එන් සමරකෝන් නිවේදනය කළේ.