27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසාමාන්‍ය පෙළ උපකාරක පන්ති අදින් තහනම්

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති අදින් තහනම්

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සම්මන්ත්‍රණ, උපකාරක පන්ති හා වැඩමුළු පැවැත්වීම තහනම් වනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සාමාන්‍ය පෙළ විභාගය අවසන් වනතුරු මෙම තහනම බල පැවැත්වෙනු ඇති බවයි.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 6 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඊට සමගාමීව විභාගයට අදාළ පෝස්ටර්, පත්‍රිකා ප්‍රදර්ශනය කිරීම, පත්‍රිකා බෙදා හැරීම වැනි කටයුතුද තහනම් කර තිබෙනවා.

එලෙස කටයුතු කරන ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.