27.8 C
Colombo
Tuesday, November 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentමාරක රිය අනතුරකින් කතක් ජීවිතක්ෂයට

මාරක රිය අනතුරකින් කතක් ජීවිතක්ෂයට

කුරුණෑගල – පුත්තලම ප්‍රධාන මාර්ගයේ පාදෙණිය ප්‍රදේශයේදී අද (30) අලුයම සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම අනතුරෙන් 80 හැවිරිදි කාන්තාවක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ගම්පොළ ප්‍රදේශයේ සිට පුත්තලම, තබ්බෝව ප්‍රදේශය බලා ගමන් ගත් වෑන් රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් අසළ තිබූ බෝක්කුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරට ලක්වන අවස්ථාවේ වෑන් රථයේ 6 දෙනෙකු සිට තිබෙනවා. ඒ අතර සති 2ක් පමණ වයසැති බිළිඳෙක් ද සිට ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය කාන්තාවගේ මෘත ශරීරය වාරියපොල රෝහලේ තැම්පත් කර ඇති අතර තුවාල ලැබූවන් නිකවැරටිය සහ කුරුණෑගල රොහල්වලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබනවා.