27.2 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්ධන මිලේ වෙනසක්

ඉන්ධන මිලේ වෙනසක්

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් හා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 09කින් පහළ දමා තිබෙනවා.

නව මිල සංශෝධනය අනුව රුපියල් 371 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 368ක් ලෙසත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 420ක් ලෙසත්, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 333ක් ලෙස හා ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 377 ක් ලෙසත් සටහන් වනවා.

භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 30 කින් පහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 215 ක් ලෙසයි.