31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsට්‍රම්ප්ට ඩොලර් 9,000ක දඩයක්

ට්‍රම්ප්ට ඩොලර් 9,000ක දඩයක්

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමෙරිකන් ඩොලර් 9,000 ක දඩයක් නියම කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත මෙලෙස ට්‍රම්ප්ට දඩයක් නියම කර ඇති බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් හා අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක අතරේ සමීප සම්බන්ධයක් පැවැති බවටත් එය රහසක් සේ තබා ගැනීමට ට්‍රම්ප් විසින් නිළියට මුදල් ලබා දුන් බවටත් පසුගියදා ඔහුට විරුද්ධව චෝදනා එල්ල වුණා.

අධිකරණයේ විභාග වෙමින් පවතින එම නඩුවට සම්බන්ධ සාක්ෂිකරුවන් ඇතුළු පිරිසක් ට්‍රම්ප් විසින් පසුගියදා ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කරනු ලැබුවා.

ඊට අදාළවයි අධිකරණය විසින් හිටපු ජනාධිපතිවරයාට
දඩ නියම කර ඇත්තේ.